තමන් මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක මයිල්වාගනම් තිලකරාජා මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමිනි.
“මම නුවරඑළියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා. නුවරඑළියේ, කොත්මලය ආසනයේ නැත්නම් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩකුඹුර කියන වතු යායේ තේ දළු නෙළන පවුලක පුතෙක්. ඒ හැඳින්වීම ඇති. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාව ‘අර්ථවත් පුරවැසියන්’ මගේ මේ කතාව පසුගිය අවුරුදු 25ක දේශපාලන ජීවිතයේ මේ වගේ ආසනයක වාඩිවෙලා කරන අවසන් කතාව කියලා හිතාගෙනයි මම මේ කතාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම භාෂා තුනකට අමතරව කතාව හැඟීම්බර වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ නැතිව ඇති කියලා හිතනවා.”
මයිල්වාගනම් තිලකරාජා 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
එම කාලයේදී ක්‍රියාකාරි මන්ත්‍රීවරුන් දස දෙනා අතර පත්වීමත් විශේෂත්වයකි.