කොළඹ විශ්වවිද්‍යාල මානව සම්පත් අභිවර්ධන කළමනාකරණ ආයතනය විසින් පවත්වනු ලබන ශ්‍රම කළමනාකරණවේදී උපාධිය සඳහා 2024-2025 වර්ෂය සඳහා නවක විද්‍යාර්ථින් බඳවා ගෙන තිබේ.
එම උත්සවය ඊයේ (21) කොළඹ විශ්වවිද්‍යාලයේදී පවත්වා ඇති අතර මේ වසරේ එම උපාධිය සඳහා නවක සිසුන් 220 දෙනෙක් බඳවා ගෙන ඇති බව සඳහන්ය.
මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සමත් සිසුන් මුල් කරගෙන පවත්වන පාඨමාලාවක් වන බව සඳහන්ය.
සාමාන්‍ය පෙළ සමත් අය සඳහා කිසිදු අයකිරීමකින් තොරව ලංකාවේ තිබෙන එකම උපාධිය මෙය වන අතර වසර තුනකින් උපාධිය හෝ වසර 4න් විශේෂවේදී උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.
මෙම උපාධිය සඳහා වසරකට සිසුන් 200ක් බඳවාගනු ලබයි.