Connect with us

පුවත්

සා/‌පෙළ හා උ/පෙළ කාලසටහන් වෙනස් වෙයි

Published

on

2023 – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කාලසටහන් වෙනස් කිරීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වෙන බවය.

එමෙන්ම 2023 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 පළමු කාර්තුවේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමෙන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් අදියරට පැමිණ තිබෙනවා. එය අවසන්වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනවා. විභාග දෙපාර්තමේන්තුව ඒ කටයුතු සූදානම් කරනවා”.

පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

Published

on

By

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කර ඇත.

ඔහු 2015 – 2019 අතර කාලයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 36,093කි.

Continue Reading

පුවත්

තල්දූව ධූරයෙන් ඉවතට

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබේ.

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර තිබෙන බව වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන කාලයේ මාධ්‍යවේදීන් විසින් විමසන ලද විවිධ වු සිදුවිම් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ප්‍රකාශ කරමින් පිළිතුරු දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක් විය.

Continue Reading

පුවත්

සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි

Published

on

By



සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය.

සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා නොවැම්බර් මස 30 වන දින දක්වා කාලය ලබාදී තිබු අතර සමාගම් තුනක් හැර අනෙක් සියලු සමාගම් මත්පැන් බලපත්‍රවලට අදාළ හිඟ සුරාබදු ගෙවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව වැලිසර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම සහ මීගොඩ මැකලම් බෘවරි සමාගම යන සමාගම් බදු මුදල් නොගෙවා ඇති බැවින් එම සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාවලියකට යොමුවී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ නඩු තීන්දුවලට අනුව එම සමාගම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලෝ බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීතු සමාගම සහ පයාගල සමූපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාළ සමාගම් සම්බන්ධ අයිතිය තහවුරු කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්පසු එම සමාගම්වලට අදාළ හිග බදු අයකර ගැනීම සඳහා පියවර ගන්නා බවය.

ඊට අමතරව උතුරු පළාතේ වංකානේ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයට අදාළ හිග සුරාබදු ගෙවන තෙක් මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved