2023 – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කාලසටහන් වෙනස් කිරීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වෙන බවය.
එමෙන්ම 2023 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 පළමු කාර්තුවේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමෙන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් අදියරට පැමිණ තිබෙනවා. එය අවසන්වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනවා. විභාග දෙපාර්තමේන්තුව ඒ කටයුතු සූදානම් කරනවා”.