Connect with us

පුවත්

සැමියා මැරයෝ සමඟ විත් බිරිය පැහැරගෙන !

Published

on

මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයෙ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි.

අදාල පැහැර ගැනිම ඉකුත් 19 දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත මැරයින් පිරිසක් පැමින ඇති බව පරික්ෂණ වලදි හෙළිව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙම පැහැර ගැනිමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංති වලට සහභාගි වෙමින් සිටියදී හදුනා ගත් තරුණයකු සමග හාද කමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයෙ එම තරුණයා සමග නිවසට හොර රහසේ පැන ගොස් තිබු බව කියයි.

කෙසේ නමුත් මෙම තරුණයා සමග විවාහ වී ඇති මෙම තරුණිය මාස කිපයක් පමනක් එකට දිවි ගෙවා ඇති නමුත් පසුව විවාහ වු 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකළ හිරිහැර ඉවසා ගත නොහැකිව ඇති බව කියයි.

තමන් පත්ව ඇති තත්වය පිළිබදව පසුව කඩිනමින් මව්පියන්ට දැනුවත් කර ඇති අතර ඔවුන් ලබා දුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 දින විවාහක සැමියා සමග මහනුවර නගරයට පැමින ඇති බවත් එයින් පසු  සැමියාට සැක නොසිතන ලෙස මගහැර මව්පියන් සමග ආපසු හලාවත මානුවන්ගම නිවසට පැමිණි ඇති බව පැවසෙයි.

එසේ මව්පියන්ගේ නිවසේ රැදි සිටියදී අදාල විවාහක සැමියා තවත් පිරිසක් සමග වෑන් රථයකින් පැමින තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බව  පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

එම පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි මෙම තරුණ කාන්තාවගෙ මව පමනක් නිවසේ සිට ඇති බවත් ඇයටද මෙම පිරිස පහර දී තරුණිය විලාප තබා කෑගසන විට පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.

පැහැර ගැනිමට පැමිනි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු ගමගෙ මහතාගෙ උපදෙස් මත හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු .ඩි.එස් .පද්මකුමාර මහතා ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් මේ වන විට අදාල පැහැර ගැනිම සම්බන්ධව පරික්ෂණ අරඹා තිබේ.

(ලංකාදීප)

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved