Connect with us

පුවත්

ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියනයක්; දැන් ඩොලර් වියදම ලක්ෂ 3 පනියි

Published

on

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ (20) රාත්‍රි කොළඹ වාරයට ළඟා විය.

එහි සාම්පල අද (21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

මේ අතර, පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබේ.

එහි වාර්තා තවත් දින 4කින් ලැබීමට නියමිත බවද වලිසුන්දර මහතා කීය.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ප්‍රමාණය මිලියන 05 කි.

එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද ඔහු කියා සිටියේ ය.

මේ අතර , බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනයක් ඊයේ (20) නිකුත් කෙරිණ.

එහි විශේෂත්වය වන්නේ බර අනුවද බිත්තර අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ක් නියම කිරීමයි.

මේ වන විට ඉන්දියාවෙන් ආනයනය කර ඇති සමස්ත බිත්තර තොගයේ ඇමෙරිකානු ඩොලර් 388,189 කට ආසන්න බව වාර්තා වේ.

පුවත්

ඇමරිකාව එරෙහි වෙද්දී ශ්‍රි ලංකාවේ ඡන්දය පලස්තීනයට

Published

on

By

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ද ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවට හා එහි පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ධනාත්මකව සිතන ලෙස නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්දය දුන් රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 77 ක සම අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත් ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත වූයේ වැඩි ඡන්ද 134 කිනි.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු සාමාජිකයින් 143 ක් ඡන්දය ප්‍රකාශ කල අතර විපක්ෂව 9 ක් ඡන්දය ප්‍රකාශ කලහ. එමෙන්ම තවත් සාමාජිකයෝ 25 ක් ඡන්දය ප්‍රකාශයෙන් වැළකී සිටියහ.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මෙම යෝජනාව ඉදිරිපත් වූයේ පසුගිය මාසයේ දීය.

යෝජනාව ඉදිරිපත් වෙත්ම ඇමරිකාව තම නිශේෂ බලය යොදමින් එය පරාජය කල අතර මෙවර ද යෝජනාව වෙනුවෙන් විපක්ෂව ඡන්දය භාවිතා කල රටවල් අතර ඇමරිකාව හා ඊශ්‍රයාලය ද වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීමේ තීරණය ගැනීමේ බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සතුවය.

පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් මෙම යෝජනාව ඉදිරිපත් වීම සිදුවිය. නමුත් ඇමරිකාව එහිදී ද තම ඡන්දය භාවිතා කලේ විපක්ෂව ය.

යෝජනාව සම්මත වූ නමුත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය හිමිවීමක් සිදු නොවීය. නමුත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් ඇතිබව හඳුනා ගැනීම හඳුනා ගැනීම සිදුවිය.

එම තත්ත්වය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල වැඩි සහභාගීත්වයකට හා වැඩි අයිතිවාසිකම් වලට පලස්තීනය හිමිකම් කියන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

විභාග වංචා ගැන හොයන්න විශේෂ වැඩපිළිවෙළක්

Published

on

By

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි   විභාග  කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්‍යානුකූව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා දී ඇතැයිද විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා   නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනි  දින ආරම්භ කල අතර එළඹෙන මැයි 15 දිනෙන් විභාගය අවසන් වීමට නියමිතය. විභාගයේ පළමු දින 06 මේ වන විට අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන දිනයන්හිදී පැවැත් වීමට නියමිතය.

විභාග මාධ්‍යස්ථාන කිහිපයකින් වංචනික ක්‍රියා අනවරණය කර ගැනීමට අදාල විභාග කාර්ය මණ්ඩල සහ අධීක්ෂණ කාර්ය මණ්ඩල සමත්ව ඇත. ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අදාළ පොලිස් ස්ථාන දැනුම්වත් කර මූලික විමර්ශන සිදුකොට ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබා දී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල විභාග වංචනික ක්‍රියාවල නියැලුණු අපේක්ෂකයින් සමග ඊට සම්බන්ධ  වූ විභාග කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ අදාළ අනෙකුත් පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

අද දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පස්වරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට සහ සීමාසහිත ජය බහලුම් පර්යන්තයේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පවසන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved