ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඇති මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහි පෙත්සමක් ජනවාරි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාරුවන් වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු පත් කර නොමැති බව සඳහන් විය.
ඊට දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මෙලෙස නඩු කල් යාම නුසුදුසු බව පැවසීය.
මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත් කළ යුතු බවත් විනිසුරු මඩුල්ල අවධාරණය කලේය.
පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ මාර්ගය පුළුල් කිරීමට 2021 වසරේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තීරණය කර තිබූ බවය.
එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් සිදු නොකළ බව පෙත්සම්කරවන් පෙන්වා දෙන අතතර එම තීරණය ජාතික වන භූමි පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් ඔවුහු සඳහන් කරති.
එබැවින් අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.
අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතු වල දී වන්තරයට සිදු කළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.