සැකකරුවන් විශාල පිරිසක් එක පෙළට දම්වැල්වල ගැට ගසා හරක් රැලක් මෙන් රංචු පිටින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ බන්ධනාගාර ක්‍රියාකලාපය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (21) දැඩි දෝෂ දර්ශනයට ලක්කර තිබේ.
‘‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’’ යනුවෙන් නමට බෝඩ් ගහගත්තට වැඩක් නෑ. මින් පස්සේ ඉදිරියට රංචු පිටින් හරියට සත්තු වගේ අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරන්න එපා. අදාළ සැකකරුවන් වෙන් වෙන්ව අධිකරණය හමුවට මින් ඉදිරියට ඉදිරිපත් කළ යුතුයි’’ යනුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කරමින් ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන බන්ධනාගාරයේ රඳවා තිබෙන විදෙස් ජාතිකයන්ද ඇතුළුව සැකකරුවන් විශාල පිරිසකට මාංචු දමා එක පෙළට දම්වැල්වල ගැට ගසා නඩු කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කර තිබූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන් අමතමින් විවෘත අධිකරණයේදී එලෙස ප්‍රකාශ කළේය.
මූලාශ්‍රය – අරුණ