අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය.
වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කෙරෙනු ඇත.
මේ වනවිට දේහය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද (20) සවස 5.00 ට ගාල්ල, දඩල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී යි.
(පෙර පුවත 2025 ජනවාරි 19 ප.ව 10:35 )
රාවයේ සමාරම්භක කර්තෘ, ජවිපේ “පොඩි අතුල” මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.
කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.
වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 20 වැනිදා සවස 5ට සිදු කිරීමට නියමිතය.
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.
හෙතෙම දේශපාලන විචාරයකු, සමාජ විශ්ලේශයකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයකම කටයුතු කළේය.
ජවිපෙ පොඩි අතුල
කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.
එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු ය.
අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.
ඔහු කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් ද වේ.