මින් ඉදිරියට පාසල් සිසුන් ප්‍රවාහනයට යොදාගන්නා ‘සිසු සැරිය’ බස්වල රියැදුරන් ලෙස මැදිවියේ පසුවන පුද්ගලයන් පමණක් යෙදවීමට තීරණය කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා පවසයි.
තරුණ වියේ පසුවන ඇතැම් රියැදුරන් වගකීම් විරහිත ලෙස රිය ධාවනය කරනු ලබන අවස්ථා පසුගිය කාලසීමාවේදී නිරීක්ෂණය වූ බැවින් දරුවන්ගේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාව ලබාදී මෙවැනි තීරණයකට පැමිණි බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
මේ වනවිටත් දිවයිනේ සෑම ඩිපෝ අධිකාරිවරයකුම මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්, නිවැරැදි පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත රියැදුරන් සහ රිය සහායකවරුන් ඒ සඳහා යෙදවීමට උපදෙස් ලබාදී ඇති බවත් පවසන පෙර්රා මහතා, එම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රියැදුරන්ට නිසි පුහුණුවක් ලබාදෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.