සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නව සීමානිර්ණ වාර්තාව අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසම අතර ඊයේ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව අද මැතිවරණ කොමිෂන් සභාව යළි රැස් වීමට නියමිතය.