ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද දිවයිනට (09) උදෑසන 08.37ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත්, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ579 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ හා දරු දෙදෙනා මෙන්ම ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ ඇත.
දේභය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (11) දින වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
ඔක්තෝබර් 07දා සිට අතුරුදහන් ව සිටි සුජිත් යටවර බණ්ඩාර මහතා, පලස්තීනයේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස සිටින බවට මුලින් සැක කෙරුණද, ඔහු ඊශ්‍රායලයේදී මියගොස් ඇති බව පසුව සනාථ විය.
වෙන්නප්පුවේ පදිංචිකරුවෙකු වන බණ්ඩාර මහතා රැකියා අවස්ථාවක් සඳහා ඊශ්‍රායලයට ගොස් තිබුණේ 2015දී ය.