Connect with us

පුවත්

සුදත්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියයි

Published

on

සුදත්ත තිලකසිරි නොහොත් “සුදා”යන අය “මාලිමාවේ සැබෑ අදිටන“යන ටැගය (Tag) යටතේ ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහා සහ සමාජ මාධ්‍යවලින් ඉදිරිපත් කරන තර්ජනාත්මක වැකි නිසා බිහිසුණු ලේ වැගිරීම් හා දේපළ විනාශ කිරීම් සහිත ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය හැකි බැවින් වෛරී ප්‍රකාශන සිදු කිරීමට එරෙහිව ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන හා මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සහකාර තේරීම්භාර නිලධාරී එස්.ඒ.එන්.ආර්.සුබසිංහ මහතා විසින් අදාළ ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර තිබේ.

මෙම වීඩියෝ පට මගින් “අපි තොපිලට උඹලට ගහනවා බලාගෙන හිටපල්ලා“,“අලි ටිකයි, පොහොට්ටුකාරයොයි, ටෙලිෆෝන්කාරයෝයි බලාගෙන හිටපල්ලා, මේ ඉන්නේ අපේ රණවිරුවෝ, බලපල්ලා, තොපිලා“, “ඡන්දෙ දීලා වැඩක් නැහැ. ගනුදෙනු ටිකක් තියෙනවා බේරා ගන්න “(සමන්ත විද්‍යාරත්න),“රජය යනු මර්ධන ආයතනයකි“ (කේ.ඩී. ලාල්කාන්ත) තර්ජනාත්මක වැකි ඉදිරිපත් කර ඇතැයි ද අදාළ ලිපියේ දැක්වේ.

මෙම වැකිවලින් යමකු බිය ගැන්වීමක්, තැති ගැන්මක් සිදුවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් අප්‍රමාදව කටයුතු නොකළහොත් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අති බිහිසුණු ලෙස ව්‍යාප්ත වියහැකි බවත්, එම තත්ත්වය දේශීය හා විදේශීය වශයෙන් අපකීර්තියක් ඇතිවන බවත් සඳහන් කර ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රජයේ ඉහළ නිලතල දරන හා දැරූ පුද්ගලයන්ගේ විශේෂයෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ දේපොල හා ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ප්‍රධාන සහකාර තේරීම්භාර නිලධාරිවරයා ඉල්ලා සිටී.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ගතවූ මාස 06ට රිය අනතුරුවලින් 2000කට ආසන්න පිරිසක් මරුට

Published

on

By

2025 වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවය. 

Continue Reading

පුවත්

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

Published

on

By

වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 163ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා  පැවසුවේ, මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවය.

“2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා. රථවාහන ගත්තහම 2025 පෙබරවාරි 1 සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන්නා. මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කරලා තියෙනවා. ඒ තුළින් රු බි 165ක පමණ ආදායමක් උපයලා තියෙනවා. මේ වසරේ දී අපි මෝටර් රථ ආනයනයෙන් අපි රු බි 450ක් බලාපොරොත්තු වෙනවා.”

ඉරාන ඊශ්‍රාරායල් යුද්ධය මෙරටට භාණ්ඩ ආනයනයේදී බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ, රට තුළට භාණ්ඩ ආනයනය කරන නෞකා මෙතෙක් ප්‍රමාද වන බව දැනුම්දී නොමැති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය ,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved