පුවත්

සූදු කෙළීමට ඉඩදුන් ගිරානේගම OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Published

on

අනුරාධපුර – තලාව ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාව කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන සිද්ධියකට අදාළවය.

ස්ථානාධිපතිවරයාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සාජන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.

ප්‍රදේශයේ සූදූ ක්‍රිඩාවේ නිරතවීමේ සිද්ධියකටම අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත්, ඔවුන් පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රිඩාවේ නිරත වන අයුරු කිසියම් පුද්ගලයෙකු වීඩියෝගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

Trending

Exit mobile version