Connect with us

පුවත්

සේපාල්ගෙන් මංජු ගැන CID යට කට උත්තරයක්; මංජු CIDයට

Published

on

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ අමරසිංහ මහතා,  ඕෂල හේරත් හා නීතීඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මුලින්ම ඕෂල හේරත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබිණි.

මේ අතර, මංජු නිශ්ශංකත් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිණි.

ධර්මදාසයි – මාහාචාර්ය රොහානුයිත් CIDට යයි!

මේ අතර, නතාෂාගේ සිද්ධිය ගැන හිරු දෙරණ ප්‍රධාන මාධ්‍ය නාලිකා මෙන්ම දසත ලංකා සහ මාධ්‍යවේදියා යන වෙබ් නාලිකා මගින් ආගම්වාදය වපුරන අන්දමින් පුවත් නිර්මාණය කරන බවට  රැඩිකල් මැද සාමූහිකය’ වෙනුවෙන් මහාචාර්ය රොහාන් සමරජීව, සමාජ ක්‍රියාකාරිනි ජයනි අබේසේකර සහ දේශපාලන විශ්ලේෂක චින්තන ධර්මදාස යන පිරිස අද (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ ප්‍රහසන නිර්මාණයක් බෞද්ධාගමට අපහාස කිරීමක් හැටියෙන් හුවා දක්වමින්, එහි සංස්කරණ කළ කොටස් නැවත නැවත ප්‍රචාරය කරමින් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අරමුණින් මෙම නාලිකා කටයුතු කරන බවටයි රැඩිකල් මැද සාමූහිකය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ජාති ආගම්වාදය නැවත රටේ ඇති කිරීමට සැලසුම්සහගත ක්‍රියාවලියක යෙදෙන මෙම නාලිකාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඔවුන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.

රැඩිකල් මැද සාමූහිකය මංගල සමරවීර විසින් නිර්මාණය කරන ලද ජාතිවාදය ආගම්වාදය මෙන්ම ලිංගවාදයට එරෙහිව කටයුතු කරන සිවිල් සංවිධානයකි.

සබැදි පුවත් :

ලකාගේ පවුල CIDයට (වීඩියෝ)

මංජු නිශ්ශංකගේ මාමණ්ඩි “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්

මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්

අන්නමලේ කස්සප හිමිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කරයි!

බෲනෝ අත්අඩංගුවට ගනියි!

SLVLOG කියන්නේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් – හිමිකරු පිළිගනියි (වීඩියෝ)

පුවත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක්

Published

on

By

තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට දේශය පුවත්පතේ පළවූ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ, එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි.

එම සටහන පහතින්,

Continue Reading

පුවත්

ගුවන්තොටුපල සතු අලුත් කැබ් 5ක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට සේවක විරෝධය

Published

on

By

ගුවන්තොටුපළ සාමාගම සතු නවීන කැබ් රථ පහක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගෙන ඒ  වෙනුවට අමාත්‍යංශය සතුව ඇති පරණ කැබ් රථ පහක් ලබා දීමට ගෙන ඇති තීරණයට එහි සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මහා මාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට යන්නේ WP PI 3785, 3797, WP PJ 2241, 2231, 2229 කැබ් රථ පහයි.

ගුවන් තොටුපළ සමාගමේ නිළධාරින් පෙන්වාදෙන්නේ රටපුරා ඇති ගුවන් තොටුපළවලට රාජකාරි කටයුතු සදහා යොදා ගත් වාහන මෙසේ අමාත්‍යංශයට ලබා ගැනීමෙන් රාජකාරි සදහා යන ගමන් වලට බාධා සිදුවන බවයි.

මත්තල, මඩකළපුව, යාපනය ආදි පිහිටි ගුවන් තොටුපළවල රාජකාරි සදහා මෙම වාහන නිලදාරින් විසින් භාවිතා කර ඇති බවද පැවසේ.

මෙසේ පවරා ගන්නා වාහන වාහන නොමැත් මැති ඇතිවරුන්ට ලබා දිමට සැලසුම් කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

Continue Reading

පුවත්

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

Published

on

By

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved