සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ඒ අමරසිංහ මහතා, ඕෂල හේරත් හා නීතීඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මුලින්ම ඕෂල හේරත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබිණි.
මේ අතර, මංජු නිශ්ශංකත් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිණි.
ධර්මදාසයි – මාහාචාර්ය රොහානුයිත් CIDට යයි!
මේ අතර, නතාෂාගේ සිද්ධිය ගැන හිරු දෙරණ ප්‍රධාන මාධ්‍ය නාලිකා මෙන්ම දසත ලංකා සහ මාධ්‍යවේදියා යන වෙබ් නාලිකා මගින් ආගම්වාදය වපුරන අන්දමින් පුවත් නිර්මාණය කරන බවට රැඩිකල් මැද සාමූහිකය’ වෙනුවෙන් මහාචාර්ය රොහාන් සමරජීව, සමාජ ක්‍රියාකාරිනි ජයනි අබේසේකර සහ දේශපාලන විශ්ලේෂක චින්තන ධර්මදාස යන පිරිස අද (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ ප්‍රහසන නිර්මාණයක් බෞද්ධාගමට අපහාස කිරීමක් හැටියෙන් හුවා දක්වමින්, එහි සංස්කරණ කළ කොටස් නැවත නැවත ප්‍රචාරය කරමින් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අරමුණින් මෙම නාලිකා කටයුතු කරන බවටයි රැඩිකල් මැද සාමූහිකය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ජාති ආගම්වාදය නැවත රටේ ඇති කිරීමට සැලසුම්සහගත ක්‍රියාවලියක යෙදෙන මෙම නාලිකාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඔවුන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.
රැඩිකල් මැද සාමූහිකය මංගල සමරවීර විසින් නිර්මාණය කරන ලද ජාතිවාදය ආගම්වාදය මෙන්ම ලිංගවාදයට එරෙහිව කටයුතු කරන සිවිල් සංවිධානයකි.
සබැදි පුවත් :
ලකාගේ පවුල CIDයට (වීඩියෝ)
මංජු නිශ්ශංකගේ මාමණ්ඩි “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්
මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්
අන්නමලේ කස්සප හිමිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කරයි!
බෲනෝ අත්අඩංගුවට ගනියි!
SLVLOG කියන්නේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් – හිමිකරු පිළිගනියි (වීඩියෝ)