Connect with us

පුවත්

සේමසිංහ ජෝර්ජියාවට

Published

on

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ.

සමුළුව අද සිට ලබන 05 වැනිදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ.

සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පුවත්

ලිංගික හිංසන සිද්ධියට වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් පහ කෙරේ

Published

on

By

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා සිටියේ, අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ‍පසුගියදා (09) අනුමැතිය ලබාදී තිබේ. 

Continue Reading

පුවත්

චීනයේ සිචුවාන් පළාත හා ලංකාව අතර සබඳතා නව තලයකට (ඡායා)

Published

on

By

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදු විය.

සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.

ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණය ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙස මෙහිදී පළාත් ලේකම්වරයා වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ  රට තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ දේශපාලනයේ හැරවුම් ස්ථානයක බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක්ව තුනෙන් දෙකක බලයක් ලබා දෙමින් වත්මන් රජය බලයට පත් කර ගත් බවත්, එම ජන වරම තුළ ජනතාව තැබු අපේක්ෂා උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් සඳහන් කළේය.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවද පැවසීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

හිටපු ජනපති ගෝඨාභය CIDයට එයි

Published

on

By

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved