Connect with us

පුවත්

සෞඛ්‍ය සේවකයෝ අදත් වර්ජනයේ

Published

on

රෝහල් 10ක සෞඛ්‍ය සේවකයින් අදත් පැය 4ක් සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වීමට තිබූ සාකච්ඡාවට අවස්ථාව නොලැබීම නිසා අද (02) වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ.

මහනුවර ජාතික රෝහල, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර යන ශික්ෂණ රෝහල් සහ බදුල්ල පළාත් මහ රෝහල යන රෝහල්වල ඊයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලමිනි.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හදිසි හේතුවක් මත අද පස්වරුව දක්වා කල් දැමූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ ය.

ඒ හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 24 කින් කල් දමා පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ඔවුන් තීරණය කර ඇත.

වර්ජනය සඳහා ආර්ථික යුක්තිය ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර ශිල්පීන්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තිය සමිති සාමාජිකයින් එක්ව සිටි.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගෙන් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි.

අද සාකච්ඡාවෙන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටි.

මේ අතර හෙද සේවයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් අද පැය 3ක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පැවසීය.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.ජී. මැදිවත්ත මහතා සඳහන් කළේ, අද උදෑසන 10 සිට පස්වරු 1 එක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.

වැටුප් ගැටලුව විසඳීම, නිල ඇඳුම් දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව දිවයිනේ ප්‍රධාන රෝහල් 50ක් ඉදිරිපිට විරෝධතා ද සංවිධානය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පැවසීය.

ප්‍රධාන විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.

පුවත්

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක්වේ

Published

on

By

කොළඹ සිට ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු 10 දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස අතර  කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්ය.

Continue Reading

පුවත්

දන්සල් 8 ක් අත්හිටුවයි

Published

on

By

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.

වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.

අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved