පුවත්

සෞඛ්‍ය සේවය හැරගිය නිලධාරීන්ගෙන් කෝටි තුනක ණය පොල්ලක්

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය අතහැර ගිය නිලධාරීන් 1121 දෙනකුගෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් අය කර ගැනීමට අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉන් රුපියල් කෝටියකට වැඩි ණය ශේෂ වසර පහකට වැඩි පැරණි ඒවා බවද එහි දැක්වෙයි.

ණය ශේෂ වසරක් පාසා අඛණ්ඩව වැඩි වී තිබූ අතර එම ණය අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පවසා තිබුණේ නිලධාරීන් හට දැනුවත් කිරීම ග්‍රාම නිලධාරීන් හරහා දැනුවත් කිරීම ප්‍රදේශයට අයත් පොලිසිය දැනුවත් කිරීම සහ ඇපකරුවන් දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් ණය ශේෂ නිරවුල් කිරීමට කටයුතු කරන බවය.

ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරමින් ණය ශේෂ කර ගැනීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය අමාත්‍යාංශ ප්‍රධානීන්ට නිර්දේශ කර තිබේ.

මෙම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2023 විගණන වාර්තාවේ සඳහන්ය.

Trending

Exit mobile version