පුවත්

හදිසි සිසු මරණය ගැන කැළණිය සරසවියේ විරෝධයක්

Published

on

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් මියයාම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුසිසුවියන් අද (25) දිනයේදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් නම් මොනරාගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඊයේ (24) රාත්‍රී 10ට පමණ එම තරුණයාට මීමැස්මොර රෝගී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළත් නිරෝෂණව රෝහල්ගත කිරීමට වාහනයක් අදාළ ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගතවූ බවත්,  මෙම ප්‍රමාදය ඔහුගේ ජීවිතය අහිමිවීමට හේතුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් චෝදනා කරයි.

සිසුන් පවසන්නේ සිය මිතුරාව රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම ඔහුගේ ජීවිතය අහිමිවීමට හේතුවූ බවය.

Trending

Exit mobile version