2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මේවන විට යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇති බවද පැවසේ.
වසර 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍යට පවසා ඇත.
ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු සඳහන් කර ඇත.
දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම වී ඇතැ යි ද ඔහු සඳහන් කර තිබේ.
මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා පවසා ඇත.
මූලාශ්‍රය – ලංකාදීප