පුවත්

හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වෙන්න යළි පොදු සමා කාලයක්

Published

on

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇත.

පොදු සමා කාලය තුළ සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයින් සඳහා නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසෙන අතර යම් පුද්ගලයෙකු විසින් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සමා කාලය අප්‍රේල් මස 02 වැනිදාට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඔවුන්ගේ ආදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමා කාලයේ දී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී තිබේ.

Trending

Exit mobile version