අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සනත් නමැත්තා අහංගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 15 ක් ද තිබී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන හරක් කටාගේ මෙරට අපරාධ සහ කුඩු ජාලය මෙහෙයවමින් සිට ඇති බවයි.
ඒ අනුව සැකකරු හරක් කටා නමැත්තාගේ මෙහෙයවීම යටතේ මෙරට පසුගිය කාලයේදී සිදුවු වෙඩි තැබීම්වලදී භාවිත කරන ලද ගිනි අවි ප්‍රවාහනය කිරීම හා වෙඩි තැබීමෙන් පසුව එම අවි පිරිසිදු කර හරක් කටාගේ උපදෙස් මත විවිධ පුද්ගලයින් වෙත භාරදීම සිදුකර ඇති බවට ද අනාවරණය වී තිබේ