Connect with us

පුවත්

හරක් කටා ඉන්දියාවට පන්නන්න හැදූ අයෙක් මාට්ටු වෙලා

Published

on

පාතාල කල්ලි නායක නදුන් චින්තක හෙවත් හරක්කටා ආරක්‍ෂක නිලධාරීන්ට වෙඩිතබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමේ සැලසුම සාර්ථක වී නම් ඔහු සහ ඔහුට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවට පිටකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි කණ්ඩායමේ සාමාජිකයකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හරක්කටා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ සිට මාතර දක්වා රැගෙන යෑමට සූදානම් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට නතර කරගෙන තිබූ මෝටර් රථය ද මාතර කැකණදුර ප්‍රදේශයේ තිබියදී අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

සැකකරු විසින් අදාළ මෝටර් රථය මේ සඳහා ලබා දී ඇත්තේ මාතර කැකුණදුර ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකින් ලබාගෙන බව හෙළිව තිබේ.

හරක්කටා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා රටින් පිට කිරීම සඳහා රැගෙන යෑමට පැමිණ සිටි පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

හරක්කටාගේ ප්‍රබල සාමාජිකයකු වන මොහු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.

හරක්කටා ඉකුත් 10 වැනිදා සවස අපරාධ පරීක්‍ෂණ මූලස්ථානයෙන් පලා යෑමට සැලසුම් කර තිබූ අතර පොලිස් විශේ​ෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එය ව්‍යර්ථ කර තිබිණි.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved