ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වී මේවන විට මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇතත් හරීන් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධූරය දරණ සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ එම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරිය ලෙස තවමත් දක්වා ඇත්තේ ගමගේ මහත්මියගේ විස්තරයි.
ලොවපුරා සිටින විදේශීය සංචාරකයන් නිතර පරිශීලනය කරන වෙබ් අඩවියක් වන සංචාරක අමාත්‍යංශ වෙබ් අඩවිය මෙතෙක් යවත්කාලීන නොකිරීම සම්බන්ධයෙන් සංචාරක කේෂත්‍රයේ පිරිස් ද අපහසුතාවයට පත්ව ඇතැයි පැවසේ.
කෙසේවුවද, හිටපු අමාත්‍යවරිය වන ඩයනා ගමගේ මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට මේවිට සමගි ජනබලවේගය විසින් මුජිබර් රහුමාන් මහතා ද පත්කර හමාරය.
හිටපු ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයද දැරූ හරීන් මහතාගේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට මුදල් වැයකිරීම් තරම් වේගයෙන් ඔහුගේ අමාත්‍යංශයේ සේවාවන් වේගවත් නොවන බවට ද සංචාරක ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබේ.
මේ අතර සංචාරක කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන නිලතලවල සිටින බහුතරයක් පිරිස අමාත්‍යවරයාගේ ඥාතීන් හා මිතුරන් වීමද අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය කෙරෙහි හේතුසාධක වී ඇතැයි පැවසේ.