Connect with us

පුවත්

හරීන්ගේ ලේකම් අත්අඩංගුවට

Published

on

බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුට පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම් ඇතුළු දෙදෙනෙකුව බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (22) අලුයම 12.30ට පමණ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු බීමත්ව සිට ඇතැයි නිරක්ෂණය වී තිබේ.

මේ අනුව මෝටර් රථය පොලිසියේ සැරයන්වරයෙකුගේ පාලනයට ගනිමින් බීමත් රියැදුරුද එම රථයෙන්ම බදුල්ල මූලස්ථාන පොලිසිය කරා රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක් මෝටර් රථය හරස් කර නවත්වා ඇත.

‘‘උඹලා කොහොමද මූව ඇරස්ට් කරන්නේ යකෝ? මම ඇමැති හරින් ප්‍රනාන්දුගේ සෙකට්‍රි. අතෑරපං ඌව’’ යැයි කියමින් ඇමැති ලේකම් යැයි හඳුන්වාගත් පුද්ගලයා මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පොලිස් සැරයන් විජේරත්න නමැති නිලධාරියා පිටතට ඇද දමා මෝටර් රථයද සමගින් බීමත් රියැදුරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන පැහැරගෙන ගොස් තිබේ.

මෙම සිද්ධියට මුහුණ පෑ පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් දෙපළ මේ සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර බීමත්ව රිය පැදවීමේදී හසුවූ දිලිත් ප්‍රසංග නමැති පුද්ගලයාගේ තොරතුරුද උසස් පොලිස් නිලධාරියාට ලබාදී ඇත.

මේ අනුව දිලිත් ප්‍රසංග නමැති බීමත්ව රිය පැදවූ පුද්ගලයා බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව පොලිස් නිලධාරියෙකු පිටතට ඇද දමා තුවාල කරමින් සැකකරුවෙකු පැහැරගෙන ගියේ ප්‍රබල ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු බවට හෙළිවී ඇත.

මේ අනුව ඇමැති ලේකම්වරයාට එරෙහිව අයුතු අවහිරය, පහරදීම, රාජකාරියට බාධා කිරීම, පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැහැරගෙන යාම හා පලායෑමට සැලැස්වීම ඇතුළු චෝදනා යටතේත්, බීමත්ව රිය පැදවීම, අත්අඩංගුවෙන් පලායෑම ඇතුළු චෝදනා යටතේත් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ නඩු පැවරීමට නියමිතව තිබිණි.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත් :

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved