Connect with us

ක්‍රීඩා

හරීන් කර ගැහුව බර කරත්තේ ගැන පාර්ලිමේන්තුවට කියයි

Published

on

ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය, “පසුගියදා රෙගුලාසියක් දැම්මා. එම රෙගුලාසිය අනූව විධායක කමිටුවක අවුරුදු 16ක් හිටියොත් එයාට සභාපති වෙන්න බෑ. මම දන්න තරමින් ශම්මි සිල්වා 16 ඉඳලත් ඉවරයි. ඊළඟට ඔහුට ඉල්ලන්න බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක්.”

ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම පැරදෙන විට සියලුදෙනා ඇමතිවරයාට බනින බවයි.

“කොහේවත් යන බර කරත්තයක් මගේ කරපිට තිබ්බා. වර්ල්ඩ් කප් එකේ ගහපු මැච් 3න් 2ක් පැරදුනාම නිදාගෙන හිටිය අය නැවතත් නැගිටලා. භාරගත්ත ගමන් ටුවර් තුනම දින්නා. හොඳයි කිව්වේ නෑ. දිනන කොට ක්‍රීඩකයෝ…පරදින කොට ඇමතියා.”

ක්‍රීඩා

බංග්ලාදේශය ගෞරවය රැක ගනියි

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 232ක් පමණි.

Continue Reading

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved