පුවත්

හරීන් වැඩක් කරන්න නොදෙ​න බව ඩයනා ජනපතිට කියයි

Published

on

ස්වකීය කැබිනට් ඇමතිවරයා වූ හරීන් ප්‍රනාන්දු තමන්ට වැඩ කිරිමට අවස්ථාවක් නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රසිද්ධියේ පවසා ඇතැයි වාර්තා වේ.

ඇය විසින් එම චෝදනාව නගා ඇත්තේ සංචාරක කටයුතු පිළිබඳ විෂයභාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ඉදිරියේ සිටියදීය.

ජනාධිපති කාර්යාලයේ දී , ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගි​ය සතියේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් පවත්වා තිබේ.

එම අවස්ථාවේ දී උද්ගත වී ඇති විවිධ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරනවිට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසා ඇත්තේ තමන්ට තම කැබිනට් ඇමතිවරයා විසින් වැඩ කිරීමට ඉඩ නොදෙන බවය.

රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශවල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී  ඇය  ප්‍රකාශ කර ඇත.

තමාට පමණක් නොව, ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා තිබේ.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී, සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version