පුවත්

හික්කඩුවේ වෙඩිතැබීමකින් එක් අයෙක් මරුට

Published

on

අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ.

රාත්‍රී 7ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version