පුවත්

හිටපු ඇමතිලා තවමත් රජයේ නිල නිවාසවල?

Published

on

හිටපු ඇමතිවරුන්ට ලබාදුන් නිල නිවාස වලින් මෙතෙක් බාරදි ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නිල නිවාස 41ක් ලබාදී තිබේ.

ජනාධිපතිවරණය අවසන් වූ වහාම ඔවුන් අදාළ නිල නිවාස බාරදෙන ලෙස දැනුම් දුන් බව එම අමාත්‍යංශය පවසයි.

දිගින් දිගටම නිල නිවාස ලබාදීම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූල ඉදිරි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Trending

Exit mobile version