පුවත්

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

Published

on

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබේ.

ඒ අනුව මෙලෙස පැමිණ ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ නලින් ප්‍රනාන්දු ,නසීර් අහමඩ් හා විදුර වික්‍රමනායකයි.

මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, සහ රමේෂ් පතිරණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දුන්හ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසර ලබා දුන්නේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

Trending

Exit mobile version