පුවත්

හිටපු ඇමතිලා 6ක් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

Published

on

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. 

මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පැවසේ. 

මේ අයගේ පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය ළඟදීම අධිකරණයට වාර්තා කිරීමට ද නියමිත බව සඳහන්ය.

Trending

Exit mobile version