හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුරක් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ.
ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් ඒ අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙය ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.