Connect with us

පුවත්

හිටපු දකුණු කොරියානු අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

Published

on

දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය දෙසැම්බර් 3 වැනිදා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙන් පසුව සුක් යෝල් මහතාට ජනපති ධූරය අහිමිවිය.

ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණි.

කෙසේ නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.

පුවත්

ජනපති චීනය බලා පිටත් වෙයි (Update)

Published

on

By

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා  යන  මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.


(පෙර පුවත: 2024 ජනවාරි 13, පෙ.ව.11:58)

සිව්දින සංචාරයක් සඳහා ජනපති අද චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ.  මෙම සංචාරයේදී  ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) මහතා, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක්  හමුවීමට නියමිතය.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද  සැලසුම් කර තිබේ.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.

එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද  බලාපොරොත්තු වේ.

Continue Reading

පුවත්

ගුරුවරුන්ට මහින්දගෙන් සුබ ආරංචියක්

Published

on

By

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවය

“අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ. ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාන් 05 අන්තර්ගතයි. ඒ නිසා මේ සේවාන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා. ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩිකරන්න කොහොමද කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා.” 

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 05කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Published

on

By

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබේ.

ඒ, අනුව අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි එම සංවිධානය සඳහන් කළේය.

එලෙස නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

බදුල්ල දිස්ත්‍රික්කය – වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල
මහනුවර දිස්ත්‍රික්කය – මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර
කුරෑණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, රත්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ, හඟුරන්කෙත

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved