දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය දෙසැම්බර් 3 වැනිදා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙන් පසුව සුක් යෝල් මහතාට ජනපති ධූරය අහිමිවිය.
ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණි.
කෙසේ නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.