ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපති – රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ.
එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසන්නේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා මහතාගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා මෙම නව පත්කිරීම කර ඇති බවයි.
රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබුණි.
වසර 2016දී හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා දැඩි කථාබහට ලක්විය.
(මූලාශ්‍රය : ලංකාදීප)