ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ජ්‍යෙෂ්ඨ සභාපතිවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
1943 ජූලි මස 20 දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 79 වැනි වියෙහි පසුවිය.
මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ දීර්ඝ කාලයක් සභාපති ධුරය දරා එම තනතුරෙන් ඉවත් වීමෙන් පසු මියයන තුරු එම පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන්ද කටයුතු කර තිබේ.
සිවලිංගම් මහතා අධි රුධි පීඩනය හා දියවැඩියා රෝගයෙන් දිගුකලක් රෝගාතුරව සිටි බවද පවුලේ ඥාතීන් පවසයි.