මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාට ලබාදීමට යන බව වාර්තා වේ.
ඒ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරයට පත්ව යාමට නියමිත බැවිනි.
මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිවන්නේ වසර 12 කට පසුව බවද පැවසේ.
නව තනතුර සඳහා මහින්ද සිරිවර්ධන මහතාගේ නම රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවට මේ වන විටත් යොමුකර ඇතැයි දැනගන්නට ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ මෙම උසස් තනතුර සඳහා මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයකු වන අජිත් අබේසේකර මහතා ද ඉල්ලුම් කර තිබිණි.
ඔහු මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස ද මහන්ද මහතා සේවය කළේය.
හුලංගමුව මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද ආර්ථික උපදේශකවරයතු ලෙස ද කලක් කටයුතු කළේය.
මූලාශ්‍රය – දේශය