පුවත්

හෙට,අනිද්දා විධායක නිලධාරින් ලෙඩ වෙයි

Published

on

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ විධායක නිලධාරිහු හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ඊට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටී.

රජයේ දීපව්‍යාප්ත සේවාවලට හා සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවන බව විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ, සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් මේ වනවිට ඉවත් වී ඇති අතර දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බවය.

Trending

Exit mobile version