පුවත්

හෙට කොළඹට පැය 10ක් වතුර නෑ

Published

on

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව දැනුම්දී තිබේ.

ඒ අනුව හෙට (04) පස්වරු 07.00 සිට පසුදින (05) පෙරවරු 05.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍ය පරිදි ජලය රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

Trending

Exit mobile version