කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(28) රාත්‍රි 10.00 සිට අනිද්දා(29) පෙරවරු 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලැබෙන බව එම මණ්ඩලය පවසයි.
මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබෙන්නේ, කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්රදේශවලය.