Connect with us

පුවත්

හෙට පාසැල් නිවාඩුයි ද?

Published

on

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටී.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පුවත්

මහ ඡන්දයේ පැමිණිලිවල වැඩි වීමක්

Published

on

By

මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා වැඩි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි අතරප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණි 20ක්ද මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 2525ක්ද වන බව කොමිසම වාර්තා කරයි.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 12 දෙනෙකුද ආධාරකරුවන් 388 දෙනෙකුද අත්අඩංගොඩ ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊට අමතරව වාහන 105ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සුජීවගේ ජීප් රථය ගැන අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් බවට සැක කෙරෙන සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ජීප් රථය (V8) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (11) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

මෙම මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙකු ලවා රැගෙන යාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙමින් එය පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී ජීප් රථය එකලස් කළ එකක් බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව රථය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකෙරුණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව සේනසිංහ මහතාගේ නිවස පසුගියදා පරීක්ෂා කෙරුණ ද සැකසහිත රථයක් එහිදී හමුවූයේ නැත.

පසුව ඒ පිළිබඳ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට යොමුකර තිබේ.

අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවය.

එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කරන ලදී

ඒ අනුව,  පසුගිය නොවැම්බර් 08 වෙනිදා සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසට පැමිණි විමර්ශන නිලධාරීන් ප්‍රශ්නගත V8 රථය රැගෙන ගොස් තිබුණි.

Continue Reading

පුවත්

ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙක්ගෙන් කෝටි 7ක් කොල්ල කයි

Published

on

By

ලග්ගල – දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි 7ක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම අද (11) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බවය.

ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත් පොඩි රෝහණ නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් ඊයේ (10) රාත්‍රීයේදී මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, රාත්‍රී 9 පසුවනවාත් සමඟ මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වඳීමින් සිටියදී නිවස පිටුපස තාප්පයකින් පැන පැමිණි මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු පිස්තෝලයක් හිසට තබා ඔහු ඔසවාගෙන නිවස තුළට රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved