හෙට (13) පෙ.ව 10.00 සිට අනිද්දා (14) පෙ.ව 6.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ලැබේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත්තේ පැලැන්වත්ත, කනත්ත පාර, පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.