ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන “රනිල්ව කියවන්න” නම් වූ ප්රචාරක වැඩසටහන හෙට (07) පෙ.ව 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.
පළාත් 9 ක්, ආසන 160 ක්, පළාත් ආයතන 341 ක්, කොට්ඨාස 4,984 ක්, වසම් 14,026 ක් සහ ගම් වීදි 53,896 ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධානය කෙරෙණු ඇත.