පුවත්

හෙට වළයාකාර සූර්යග්‍රහණයක් 

Published

on

ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

කෙසේවුවද, මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන නමුත් චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනු ඇති බවද මහාචාර්යවරයා කියා සිටී.

ඔක්තෝබර් 14 වැනිදා සිදුවන වළයාකාර සූර්යග්‍රහණය අමෙරිකාව, මෙක්සිකෝව, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට දිස්වනු ඇතැයි අපේක්ෂිතය.

ඉන් දින 14කට පසුව එනම් මේ මස 28 වැනිදා රාත්‍රී 11.32ට අර්ධ චන්ද්‍රග්‍රහණය සිදුවන අතර එය 29 වැනිදා අලුයම 1.05 සිට අලුයම 2.23 දක්වා ශ්‍රී ලංකාවට දිස්වන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරයි.

Trending

Exit mobile version