පුවත්

හෙට හා අනිද්දා විශාල වැඩ වර්ජනයක්!

Published

on

රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ නිරතවන බව පැවසේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඊයේ (06) මහානායක හිමිවරුන් බැහැදැක තිබුණි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම් වෛද්‍ය ප්‍රභා සුගතදාස මහතා සඳහන් කර සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ යම් අරමුණු තිබේදැයි සැක පවතින බවය.

Trending

Exit mobile version