පුවත්

දුම්රිය වර්ජනය අවසන් (Update)

Published

on

කොළඹ දුම්රිය අංගන 5හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය අංගනවල සේවයේ නියතු  දුම්රිය සේවකයන්ගේ දිරි දීමානා මාස කිහිපයක සිට නොගෙවීම මත එම සේවකයන් අද පෙරවරුවේ වෘත්තීය ක්‍රියාමාර්ගයක අවතීර්ණය විය.

ඒ හේතුවෙන් පෙරවරු 10.00 පසුව ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 6 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර අතර කොළඹ කොටුව සිට මහනුවර බලා පෙරවරු 10.40 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ටිකිරි මැණිකේ’ දුම්රිය ද එයට ඇතුළත් විය.

—————————————-

(පෙර පුවත : 2023 සැප්තැම්බර් 11 ප.ව. 2:54)

හෙට (12) දුම්රිය වර්ජනයක්

කොළඹ පිහිටි දුම්රිය අංගනවල සේවකයින් පිරිසක් විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරීම හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රියන් ධාවනය නොවන බව වාර්තා වේ.

එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවත් එම වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇති බවත් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසා ඇත.

දැනට අනුමතව ඇති අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කරන ලෙසත් ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා ‌ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත.

Trending

Exit mobile version