පුවත්

හෙරොයින් තොගයක් සමග සැකකරුවකු මාට්ටු

Published

on

අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර ඊයේ (03) අම්බලන්තොට පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව කොක්ගල්ල ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබිණි.

මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් 22ක දමා සඟවා තිබියදී සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version