පුවත්

හේතුව නොකියා පොලිසියට කැඳවීම පොලිස්පති අවසන් කරන්න යයි

Published

on

කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එම පුද්ගලයා විමසීමක් කළහොත් එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් කෙටුම්පත් කර ඇති බව පොලිස්පතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සමාජ මාධ්‍යයේ පළ කරන ලද තොරතුරක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය විසින් කළ දැනුම්දීමකට එරෙහිව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන විදුල රැළපනාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදු කළේය.

ඒ අනුව අදාළ පෙත්සම ජුනි මස 24 වනදා යළි කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පාර්ශ්වකරුවන්ට නියෝග කළහ.

(අරුණ)

Trending

Exit mobile version