Connect with us

පුවත්

හේලීස් හි විධායක නිලධාරිනියකට එහි සුපවයිසර් කෙනෙක් අතවරකර අත්අඩංගුවට

Published

on

කුරුඳුවත්ත එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ‘ෆැමිලි ෆන් ඩේ’ නමින් හේලීස් සමාගමේ සාදයක් අතරතුර විධායක නිලධාරිනියකගේ පිටුපස ප්‍රදේශය මිරිකා ලිංගික අතවර සිදුකරන ලදැයි එහි සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (03) දන්වා සිටියේය.

අදාළ ආයතනයේ විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කරන වේයන්ගොඩ පදිංචි ඉෂාරි සෞම්‍යා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ආයතනයේම ශාඛාවක වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කරන චානක මධුසංඛ නමැති සැකකරු එලෙස අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත දන්වා සිටියේය.

පැමිණිලිකාරිය විධායක නිලධාරිනියක ලෙස සේවය කරන හේලීස් සමාගම විසින් පැවැත්වූ එම සාදය දවස පුරා එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඉකුත්දා තිබී ඇති බවත්, එම සාදය අවසානයේ රාත්‍රී 9 ට පමණ පැවැති සංගීත සංදර්ශනය අතරතුරදී සැකකරු විසින් අදාළ ලිංගික අතවරය සිදුකර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

විධායක නිලධාරිනියට සිදුවූ එම ලිංගික අතවරය සම්බන්ධයෙන් අදාළ ආයතනයේ මානව සම්පත් කළමනාකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු සිදුකර ඇති වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල ලබන ජුනි 10 වැනිදා යළි කැඳවන ලෙස නියම කළේය.

මේ අතර, පසුගිය මාර්තු 21 වැනිදා, United Human Rights Organization විසින් ඩීනස් පාරේ පිහිටි හේලීස් හි ප්‍රධාන ශාඛාව ඉදිරි පිටද කාන්තාවන්ට අතවර නොකරන්නැයි ඉල්ලමින් විරෝධතාවක් පවත්වන ලදී.

ඒ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතා (හාඩි) විසින් කළ පහරදීමකින් අනිකා විලියම්සන් නමැති තරුණියක රෝහල්ගත කර ප්‍රතිකාර ලැබීමට සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය දක්වමිනි.

සබැඳි පුවත් :
අනිකාට පහරදුන්නැයි මුසම්මිල්ගේ පුතා හාඩි පොලිසිය සොයයි! 

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved